
එක් වර්ෂයක් අවසන් වී තවත් අලුත් වර්ෂයක් උදා වී ඇත. ඒ නැවුම් වර්ෂය පිළිගන්නට මිනිසුන් වන අප පමණක් නොව මුළු මහත් පරිසරයම සූදානම් වී ඇත. ගහකොළ අලුතින් අතු ඉති ලියලා මල් පිපී නැවුම් වසරට පළතුරු ආදී ඵල ලබා දෙන්නට සූදානමින් සිටිති. නිල්වන් කෙත් යාය රන් අස්වනු ලබා දෙන්නට සූදානමින් බන්ඩි ගොයම සුලඟේ නැලවෙති. විහගුන්, සිව්පාවුන් ආදී සතුන් අළුතින් කැඳළි තනා තම වර්ගයා බෝ කරන්නට සූදානම් වෙති. මේ අතර මිනිසුන් වන අපද නැවුම් වර්ෂයේ ආරම්භක දිනයේ පටන් නොයෙක් නොයෙක් දේ කරති. ඇතමෙක් තම නිවස අලුත් වැඩියා කරන අතර තවකෙක් අලුත් වර්ෂයට අලුත් ඇඳුම් පැළදුමෙන් සැරසී ගමන් බිමන් යති. අපේ ගෘහනියන් නොයෙක් ආකාරයේ රසවත් කෑම බීම සාදා අලුත් වර්ෂය පිළිගන්නට සූදානම් වෙති.
ගහකොළ සතා සිව්පා ආදී මුළු මහත් පරිසරයමද මේ අයුරින් අලුත් වර්ෂය පිළිගන්නට, ගතකරන්නට සූදානම් වුවද බුදුන් වහන්සේගේ දේශනය අනුව උන්වහන්සේ සඳහන්කර ඇත්තේ මනං උසසනනතථා මනුසසා” මනනසින් උසස්ම පුද්ගලයා මිනිසා බවයි. එසේ නම් උසස් මනසක් ඇති අප සතා සිව්පාවාට වඩා වෙනස් අයුරින් අලුත් වර්ෂය පිළිගැනීමට සූදානම් විය යුතුය.
”ආහාර නිද්‍රා භය මෛතුනං ච
සමාන මෙකඃ පසුභිඃ නරානාමි”
යන දේශනා පාඨයට අනුව ආහාර ගැනීම, නිදාගැනීම, බියට පත්වීම, මෛතුන සේවනය පමණක් යම් මිනිසෙකු කරන්නේ නම් ඔහු තිරිසනෙකුට සාමාන වේ යැයි දේශනා කොට ඇත. එසේනම් මේ සියල්ල පමණක් අලුත් වර්ෂය තුළ කිරීමට සූදානම් වන්නේ නම් ඒ තැනැත්තා මනසින් උසස් තැනැත්තෙකු නොව්.
එසේ නම් අප මනසින් උසස් මිනිසෙකු ලෙස අලුතින් වර්ෂය ගතකරන්නේ කෙසේ දැයි විමසා බලමු. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ අප සමාජයේ ජීවත්වන පුද්ගලයින් හතරදෙනෙකු පිළිබඳව බුදුපියාණන් වහන්සේ මෙසේ දේශනා කොට ඇත.
“තමො තම පරායොතො – තමො ජොති පරායතො
ජොති තම පරායොතො - ජොති ජොති පරායතො”
1 අදුරෙන් අදුරට යන පුද්ගලයා
2 අදුරෙන් ආලෝකයට යන පුද්ගලයා
3 ආලෝකයෙන් අදුරට යන පුද්ගලයා
4 ආලෝකයෙන් ආලෝකයට යන පුද්ගලයා
මේ දේශනයට අනුව මෙම පුද්ලයන් සිව් දෙනාම වත්මන් සමාජයේද ජීවත් වෙති. එවුන් කවුරුන්දැයි අපි හඳුනා ගනිමු.
පළමු පුද්ගලයා වන තමො තම පරායන” අදුරෙන් අදුරට යන පුද්ගලයා හොඳ නරක, කුසල අකුසල මොනවාද යන්න නිවැරදිව හදුනා නොගනිති. දෙමාපිය ගුරුවර වැඩිහිටි ආදීන්ගේ අවවාද අනුශාසනා වලට ඇහුම් කන් නොදෙති. පාප මිත්‍රයෝම සේවනය කරති. ප්‍රාණගාතාදී දස අකුසල කර්ම වලම යෙදෙමින් මෙලොව පරලොව දෙලොවම විනාශ කරගෙන අවසානයේ අපායගාමී පුද්ගලයෙක් බවට පත්වෙයි.
අපේ සමාජයේ අදවන විට වැඩිපුරම දක්නට ලැබෙන්නේ මෙවැනි පුද්ගලයන්ය. ඔහු වර්ෂයක් උදාවෙන විට එය සැමරීමටද ප්‍රාණඝාත කරමින්, මත්පැන් පාැනය කරමින්, කාමයේ වරදවා හැසිරෙමින් ඒ හේතුවෙන්ම බොරුව, කේලම, හිස්වචන, පරුෂ වචන තෙපලමින් ඒ ප්‍රීතිය ඉතා පහත් ලෙස භුක්ති විදිති.
ඊළඟ පුද්ගලයා ”තමො ජොති පරායන” අදුරෙන් ආලෝකයට එන පුද්ගලයාය. ඔහු ජීවිතයේ යම් කාලයකදී නොයෙක් ආකාරයේ පාප ක්‍රියාවන්වල නිරත වෙමින් ගුණ ධර්ම වලින් ඈත් වී කටයුතු කළද පසු කලකදී කළණ මිතුරන් ඇසුරු කිරීමෙන්, බුදු බණ ඇසීමෙන්, වැඩිහිටි අවවාද අනුශාසනා ලැබීම් ආදී දේ තුළින් තම ජීවිතය හොඳින් සකස් කරගෙන වැරදි අඩුපාඩු හදාගෙන අදුරෙන් ආලෝකයට ගමන් කරයි. මෙවැනි පුද්ගලයෝද වත්මන් සමාජයේ සුලභය.
තුන්වන පුද්ගලයා ජොති තම පරායන” ආලෝකයෙන් අදුරට යන පුද්ගලයාය. මේ පුද්ගලයා කුඩා කළ මව් පිය ආභාෂය, වැඩිහිටි අවවාද අනුශාසනා පිළිපදිමින්, දහම් පාසල්, පාසල් අධ්‍යාපනය හොඳින් හදාරමින්, ඉතා යහපත් පුද්ගලයෙකු ලෙස ජීවත්වන අතර ඇතැම් විට තරුණ වයසේදී හෝ මැදිවියේදී පාප මිතුරන් සේවනය කිරීමෙන් මත්පැන් පානය, ස්ත්‍රී දූෂණය ආදී ක්‍රියාවල නිරතව සමාජයේ ඉතා පහත් පුද්ගලයෙකු ලෙස ක්‍රියා කරයි. ඔහුගේ පරලොව ජීවිතයද කිසිසේත් සාර්ථක වන්නේ නැත. අදුරටම පත්ව අපායගාමී වෙයි.
සමාජයේ ජීවත් වන පුද්ගලයින් අතර ශ්‍රේෂ්ඨතම පුද්ගලයා ජොති ජොති පරායන ” ආලෝකයෙන් ආලෝකයට යන පුද්ගලයාය. මෙම පුද්ගලයා ඉතාම ළදරු වියේදීද මව්පියන්ට ඉතා සුවච කීකරුය. වැඩිහිටියන්ට, දෙමාපියන්ට ගරු කරති. වදිති පුදති. ගුරුවරුන්ට කීකරුව අධ්‍යාපනය ලබති. ඔහුට විශේෂයෙන් අවවාද, අනුශාසනා කිරීමට අවශ්‍ය නොවේ. ක්‍ෂණයකින් යථාවබෝධය ලබයි. මෙම පුද්ගලයා කුඩා කාලයේ පවත්වන මෙම ක්‍රියා කලාපය තරුණ, මධ්‍යම, මහළු අවධිය දක්වාම ගෙන යති. දන් සිල් භාවනාදී පිංකම්ද, සති, සමාධි, ප්‍රඥාද උපදවාගෙන ආලෝකයෙන් ආලෝකයටම යති. මෙබදු පුද්ගලයා කිසිදාක සතර අපායට නොවැටෙති. තිරිසන් ආත්මවල නූපදී. දිව්‍ය මානූෂීය සම්පත් පමණක් ලබති.
මෙම ලිපිය කියවන ඔබ දැන් මොහොතක් ඔබ ගැන සිතන්න. ඔබ අයත් වන්නේ මේ පුද්ගලයන් 4 දෙනාගෙන් කවර කොටසකටද? ඔබ අදුරෙන් ආලෝකයට යන පුද්ගලයෙකු නම් ඒ ආලෝකය දීප්තිමත් ආලෝකයක් කර ගැනීම සඳහා තවතවත් යහපත් දේවල්ම සිදු කොට ආලෝකයටම පියනගන්න. ඔබ ආලෝකයෙන් අදුරට යන පුද්ගලයෙක් නම් පාප මිත්‍ර සේවනය, පාප ක්‍රියා අතහැර කල්‍යාන මිත්‍ර ආශ්‍රය ලබා ආලෝකයෙන් ආලෝකයට යන පුද්ගලයෙක් වන්න. අලුත් වර්ෂයක් උදාවූ මේ මොහොතේ ඒ පිළිබඳ ප්‍රීතියට පත්ව එතැනින් නතර නොවී ඔබේ ආලෝකමත් ජීවිතය නිවනින් ආලෝකමත් කරගැනීම සඳහා ක්ලේෂාන්ධකාරය දුරු කිරීමට උත්සහා ගන්න.
මේ ආකාරයට ඔබට අලුත් වර්ෂය තුළ වෙනස් වීමට වැඩි වැඩියෙන් කුසල් දහම්වල නිරත වීමට හැකිනම් ඔබ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මනසින් උසස් වූ ශ්‍රෙු්ෂ්ඨ මිනිසෙකුම වන්නේය. එසේ නොමැතිව කාබී ප්‍රීති වී තම වර්ගයා බෝ කිරීම සඳහාම පමණක් අලුත් වර්ෂය ගත කරන්නේ නම් මුලින් සඳහන් කළ ගාථා පාඨයට අනුව ඔබ සිව්පා සතෙකුට සමාන වන්නේය. එසේ නොවීමට මේ නැවුම් වර්ෂය තුළ අදිටන් කරගන්න.
මිහිපුර ධම්මප්‍රදීපා භික්‍ෂුණිය
2012 ජනවාරි පළමුවනදාට වසරක් ගෙවී නව වසරක් උදාවනු ඇත. එහිදී නව සිතුම් පැතුම් හා නව ක්‍රියාකලාප ඔස්සේ වැඩ කිරීමට නොයෙන් දෙනා සිතා සිටිති. 2011 වර්ෂය තුළ සිදු වූ වැරදි අඩුපාඩු සකසාගෙන තම අරමුණූ කරා යන්නට රටවැසියාට හැකියාවක් ඇත්තේ උත්සාහය තුළිනි. අද අප අතර ක්‍රමක්‍රමයෙන් නැති වී යන උට්ඨාන වීය්‍ර්‍ය අපි නැවත දියුණු තියුණු කරගෙන උදාවෙන මෙම නව වසර තුළ සියළු අභියෝග ජයගන්නට සිතා ගැනීම ඉතා වැදගත් වේ.
ම්බුද්ධත්ව ජයන්ති වසරයි. සුනාමියෙන් විනාශ වූ එයින් පාඩම් ලබා නොගත්තා සේම, යුද්ධයෙන් විනාශ වූ රට ත්‍රස්ත නායකයාගේ මළ සිරුරු ප්‍රදර්ශනය කරමින් රතිඤ්ඤා පත්තු කර කැවුම් කිරිබත් කෑවා සේම, හෙට රටට ඔඹින ජාතික ආගමික හෝ සංස්කෘතිමය කිසිම පිබිදීමක් 2600 සම්බුද්ධත්ව ජයන්ති වසරෙන් ලබා ගත්තාද? නැත.








